﻿1
00:00:11,736 --> 00:00:21,736
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

2
00:00:22,760 --> 00:00:25,600
ඔයාලගේ ආදරේ
ඔයාලට හැමදාම සතුට ගෙනෙන්න ඕනේ,

3
00:00:26,799 --> 00:00:31,479
ඔයාලගේ මේ අලුත් ගමන
ආදරෙන් වගේම සෞභාග්‍යයෙන් පිරෙන්න ඕනේ.

4
00:00:34,120 --> 00:00:35,159
දැන් යන්න.

5
00:00:35,440 --> 00:00:39,199
ඉර බැස්සට පස්සේ
උත්සවය ඉවර කරන එක ඒ තරම් සුබ නෑ.

6
00:01:03,800 --> 00:01:04,800
යුක්තිය

7
00:02:23,720 --> 00:02:28,679
- බාප්ජිට සාප වේවා!
- බාප්ජිට ජය වේවා!

8
00:02:44,679 --> 00:02:46,720
බාප්ජි! බාප්ජි!

9
00:02:46,880 --> 00:02:48,116
ඒයි! බාප්ජි!

10
00:02:48,199 --> 00:02:50,600
ආශා තවාරිගේ මරණය ගැන
ඔයාට මොනවද කියන්න තියෙන්නේ?

11
00:02:50,960 --> 00:02:54,240
දූෂණය කරපු එක මදිවෙලාද
එයාව මැරුවේ?

12
00:02:55,319 --> 00:02:57,719
- උත්තර දෙන්න බාප්ජි.
- ඇත්ත ජය ගනියිද?

13
00:02:57,720 --> 00:02:59,037
මේක පිටිපස්සේ ඉන්නේ ඔයාද?

14
00:02:59,120 --> 00:03:00,997
දූෂණය කරපු එක මදිද?

15
00:03:03,999 --> 00:03:07,479
කාලකණ්ණි ස්ත්‍රී දූෂකයා! පුළුවන් නම්
මාවත් මරපන් නිවටයා.

16
00:03:09,960 --> 00:03:11,880
මේ දුක්ඛිත වෙලාවේ,

17
00:03:13,839 --> 00:03:16,039
මම මියගිය අයගේ පවුල්වල අය
එක්ක ඉන්නවා.

18
00:03:17,159 --> 00:03:21,319
මියගිය අයගේ ආත්ම වෙනුවෙන්
මම යාඥා කරනවා.

19
00:03:22,560 --> 00:03:23,720
ඔයාලත් එහෙම කරන්න ඕනේ.

20
00:03:28,563 --> 00:03:31,757
සන්සුන් වෙන්න. සන්සුන් වෙන්න.

21
00:03:47,839 --> 00:03:49,479
මට මගේ පුතාව නැති වුණා,

22
00:03:50,319 --> 00:03:51,760
ඔයාට ඔයාගේ තාත්තාව.

23
00:03:53,080 --> 00:03:55,240
අපි දෙන්නම මේ දුකෙන් බැඳිලා ඉන්නේ.

24
00:03:56,519 --> 00:03:57,519
ඒත්...

25
00:03:58,560 --> 00:04:00,240
අඬන්න එපා පුතේ.

26
00:04:01,400 --> 00:04:03,880
මොකද දුක කියන්නේ
හරිම කුරිරු පරීක්ෂණයක්,

27
00:04:04,040 --> 00:04:07,118
ඒකෙන් අපේ ආත්මයේ
ගැඹුරම පරීක්ෂා කරනවා.

28
00:04:18,199 --> 00:04:21,317
මිස්ටර් භාලේරාඕ,
කරුණාකරලා පටන් ගන්න.

29
00:04:36,619 --> 00:04:37,939
ස්වාමීනි...

30
00:04:38,710 --> 00:04:40,600
මම ආශා තවාරිව සාක්ෂි කූඩුවට
කැඳවන්න කැමතියි.

31
00:04:40,799 --> 00:04:42,679
විරුද්ධයි ස්වාමීනි.

32
00:04:43,199 --> 00:04:44,400
මේ මොන විහිළුවක්ද?

33
00:04:45,560 --> 00:04:50,076
ඔහ්, මට සමාවෙන්න ස්වාමීනි.
එයාව මැරුවා කියලා මට අමතක වුණා.

34
00:04:50,159 --> 00:04:51,159
මට සමාවෙන්න.

35
00:04:54,240 --> 00:04:58,240
ස්වාමීනි, මම අශ්වින් ශ්‍රීකුමාර්ව
සාක්ෂි කූඩුවට කැඳවන්න කැමතියි.

36
00:04:58,880 --> 00:05:00,517
මොකක්!

37
00:05:00,839 --> 00:05:03,438
මිස්ටර් භාලේරාඕ, ඔය විකාරේ නවත්තන්න.

38
00:05:04,613 --> 00:05:06,173
මට සමාවෙන්න ස්වාමීනි.

39
00:05:15,560 --> 00:05:19,200
ස්වාමීනි, මම ශරත් සාරථිව
සාක්ෂි කූඩුවට කැඳවන්න කැමතියි.

40
00:05:19,503 --> 00:05:21,623
ස්වාමීනි,
මෙතන ඇත්තටම මොකක්ද වෙන්නේ?

41
00:05:21,729 --> 00:05:25,110
නඩුව පරදීවි කියන බයට
මෙයාට පිස්සු හැදිලා වගේ.

42
00:05:25,250 --> 00:05:28,523
මම එයාලගේ නම් උසාවියේදී
කියනකොට ඇතිවෙන කේන්තිය,

43
00:05:28,756 --> 00:05:30,716
එයාලගේ මරණ ගැන තියෙන කේන්තියට
වඩා ගොඩක් වැඩියි.

44
00:05:31,040 --> 00:05:33,598
ස්වාමීනි, මේ සාක්ෂිකරුවන්ගේ මරණවලින්
වාසි වෙන්නේ එක්කෙනෙකුට විතරයි කියලා

45
00:05:33,681 --> 00:05:35,878
පැහැදිලියි,
ඒ තමයි සුනිල් චකෝසිට.

46
00:05:36,050 --> 00:05:38,121
මේ ද්වේශ සහගත චෝදනාවලට මම විරුද්ධයි
ස්වාමීනි.

47
00:05:38,560 --> 00:05:39,520
උසාවියේ නිශ්ශබ්දතාව රකින්න.

48
00:05:39,533 --> 00:05:42,317
මේ මනුස්සයාට මේ ආයතනය ගැන කිසිම
ගෞරවයක් හරි සැලකිල්ලක් හරි නෑ.

49
00:05:42,400 --> 00:05:43,758
මේකට මෙයාගේ වැඩ තහනම් කරන්න ඕනේ--

50
00:05:43,841 --> 00:05:47,433
මගේ සේවාදායකයාගේ ආරක්ෂාව වෙනුවෙන්,
සුනිල් චකෝසිව වහාම අත්අඩංගුවට ගන්න.

51
00:05:47,681 --> 00:05:48,681
උසාවියේ නිශ්ශබ්දතාව රකින්න!

52
00:05:48,681 --> 00:05:50,598
එයා මගේ සේවාදායකයාට විතරක් නෙවෙයි,
මුළු සමාජයටම තර්ජනයක්--

53
00:05:50,681 --> 00:05:52,598
මේ චෝදනා ඔප්පු කරන්න
එයාලා ගාව කිසිම සාක්ෂියක් නෑ.

54
00:05:52,681 --> 00:05:55,440
මම උසාවියෙන් ඉල්ලනවා මිස්ටර් භාලේරාඕට
උසාවියට අපහාස කිරීමේ චෝදනාව ගොනු කරන්න කියලා.

55
00:05:55,680 --> 00:05:57,201
නිශ්ශබ්ද වෙන්න!

56
00:05:58,961 --> 00:06:01,038
මිස්ටර් භාලේරාඕ, ඔයාට අමතක වෙනවා වගේ

57
00:06:01,121 --> 00:06:03,760
ඔයා නීතිඥයෙක් වගේම
මේක උසාවියක් කියලා.

58
00:06:04,920 --> 00:06:07,038
ස්වාමීනි, උසාවියටත්
සමහර දේවල් අමතක වෙනවා.

59
00:06:07,121 --> 00:06:09,400
අපරාධකාරයෙකුට ඇප දුන්නා කියන එක
උසාවියටත් අමතක වෙලා.

60
00:06:13,040 --> 00:06:15,121
මම ඔයාට උසාවියට අපහාස කිරීමේ චෝදනාව දානවා.

61
00:06:15,681 --> 00:06:18,720
ඔයා වහාම රුපියල් 50,000ක
දඩයක් ගෙවන්න ඕනේ.

62
00:06:21,840 --> 00:06:23,280
මම කොහෙන්ද 50,000ක් හොයන්නේ?

63
00:06:25,565 --> 00:06:26,725
මගෙන් ගන්න.

64
00:06:28,001 --> 00:06:31,046
ස්වාමීනි, මම මේ උසාවියෙන් ඉල්ලනවා

65
00:06:31,200 --> 00:06:32,834
අපිට තව ටිකක් කල් දෙන්න කියලා.

66
00:06:33,440 --> 00:06:35,961
ඔයාලා දෙන්නම
උසාවියට අගෞරව කළා,

67
00:06:36,280 --> 00:06:38,720
මම මීටපස්සේ මේ විකාර
ඉවසන්නේ නෑ.

68
00:06:43,240 --> 00:06:46,118
උසාවිය පැමිණිලි පාර්ශ්වයට
සති දෙකක කාලයක් දෙනවා.

69
00:06:46,201 --> 00:06:49,001
-ඒත්... ස්වාමීනි--
-නඩු විභාගය කල් තබනවා.

70
00:07:22,201 --> 00:07:24,681
සමහරවිට මම නීතියට ගැලපෙන්නේ නැතුව ඇති.

71
00:07:28,961 --> 00:07:30,641
මම...

72
00:07:32,121 --> 00:07:34,841
ඊට කලින් අර සාක්ෂිකරුවන්ව
උසාවියට ගේන්න තිබුණා.

73
00:07:40,440 --> 00:07:42,720
මට දැනෙන්නේ නඩුව
මගේ අතින් ගිලිහුණා වගේ.

74
00:07:47,001 --> 00:07:48,201
ඉතින්, ඔයා අතහැරියාද?

75
00:07:55,961 --> 00:07:58,361
මම මීට කලින්ම අතහරින්න තිබුණා.

76
00:08:00,560 --> 00:08:02,440
එහෙම වුණා නම් මේ තරම් ජීවිත
නැතිවෙන්නේ නෑ.

77
00:08:04,521 --> 00:08:07,040
ඒකයි ඔයා උසාවියේදී
ඔය තරම් කලබල වුණේ.

78
00:08:12,440 --> 00:08:13,521
මම කලබල වුණේ නෑ.

79
00:08:18,001 --> 00:08:21,040
අර කාලකණ්ණි චකෝසියා
මට අපහාස කරන්න හැදුවා.

80
00:08:27,440 --> 00:08:30,600
ලෝකේ එකම එක්කෙනෙකුට විතරයි
මට අපහාස කරන්න අයිතියක් තිබුණේ.

81
00:08:34,801 --> 00:08:36,001
දැන් එයත් ගිහින්.

82
00:08:41,880 --> 00:08:45,080
තාමත් අර උඩ ඉඳන්
මං දිහා බලන් ඉන්නවා.

83
00:08:50,760 --> 00:08:52,681
එයා හරි වගේ.

84
00:08:55,880 --> 00:08:59,920
එයා ජීවතුන් අතර ඉද්දි,
මම කළේම එයා එක්ක රණ්ඩු වුණ එක විතරයි.

85
00:09:04,481 --> 00:09:06,869
රණ්ඩු වෙන්න හරි,

86
00:09:07,316 --> 00:09:09,876
එයා හිටියානේ.

87
00:09:12,720 --> 00:09:14,681
මට රණ්ඩු වෙන්නවත් අවස්ථාවක් ලැබුණේ නෑ.

88
00:09:18,321 --> 00:09:19,841
එයාට මොකද වුණේ?

89
00:09:22,001 --> 00:09:26,161
"මගේ ඔළුව ගැලවිලා ගියත්,
මගේ ජීවිතේ නැති වුණත්...

90
00:09:28,801 --> 00:09:30,841
"...මොනවා වුණත්,
මගේ රට තමයි මගේ අනන්‍යතාවය."

91
00:09:40,521 --> 00:09:43,001
අර මිනිස්සු දමන්ව මරන්න
ආපු වෙලාවේ,

92
00:09:46,841 --> 00:09:48,670
ඕනෑම තාත්තෙක් තමන්ගේ දරුවා වෙනුවෙන්
කරන දේ තමයි

93
00:09:50,480 --> 00:09:52,080
මගේ තාත්තත් කළේ.

94
00:10:01,001 --> 00:10:03,481
මම දෙවියන්ට යාඥා කරනවා කිසිම දරුවෙකුට

95
00:10:04,321 --> 00:10:05,640
තමන්ගේ තාත්තාව

96
00:10:06,790 --> 00:10:08,577
ඒ වගේ තත්ත්වෙකින්
දකින්න නොලැබෙන්න කියලා.

97
00:10:26,240 --> 00:10:27,880
අපේ තාත්තලා වෙනුවෙන්.

98
00:10:45,001 --> 00:10:47,749
ස්වාමීනි,
මේ නීතිමය

99
00:10:47,840 --> 00:10:50,588
ගැටුම් අස්සේ,
අපිට ගොඩක් වෙලාවට අමතක වෙනවා

100
00:10:51,481 --> 00:10:55,600
අපේ මේ තර්ක
මේ බිත්ති හතරට විතරක් සීමා වෙලා කියලා.

101
00:10:57,201 --> 00:11:00,481
ඒත් එළියේ,
පාරවල් පුරාම ලේ ගලනවා.

102
00:11:02,040 --> 00:11:05,600
මම මේ උසාවියෙන්
වෙනස්ම විදිහේ ඉල්ලීමක් කරන්න කැමතියි.

103
00:11:06,521 --> 00:11:10,317
මම ඉල්ලනවා මේ නිර්භීත සාක්ෂිකරුවන්ගේ
සාක්ෂි

104
00:11:10,400 --> 00:11:11,438
උසාවියේදී කියවන්න කියලා.

105
00:11:11,521 --> 00:11:12,880
විරුද්ධයි ස්වාමීනි!

106
00:11:13,240 --> 00:11:14,641
මොකක්ද මේ විකාරේ?

107
00:11:15,001 --> 00:11:17,351
හරස් ප්‍රශ්න අහන්න බැරි
සාක්ෂිකරුවන්ව

108
00:11:17,440 --> 00:11:19,343
උසාවියට පිළිගන්න බෑ--

109
00:11:19,440 --> 00:11:22,312
මේ සාක්ෂිවලින් පැහැදිලි වෙනවා
ක්‍රියාත්මක වෙන මේ ජාවාරම ගැන,

110
00:11:22,361 --> 00:11:24,118
ඒකෙ තියෙන්නේ එකම එක අරමුණයි...

111
00:11:24,201 --> 00:11:27,758
සබුරි ආශ්‍රමය දිගටම
මහා පරිමාණ ස්ත්‍රී දූෂණ මධ්‍යස්ථානයක් විදිහට පවත්වාගෙන යන එක.

112
00:11:30,001 --> 00:11:33,238
ස්වාමීනි, මේකෙන් පැහැදිලි වෙනවා
පැමිණිලි පාර්ශ්වය උත්සාහ කරන්නේ

113
00:11:33,321 --> 00:11:35,870
මේ මරණ, බොරුවට

114
00:11:36,143 --> 00:11:38,773
බාප්ජිගේ නඩුවට සම්බන්ධ කරන්න කියලා.

115
00:11:40,600 --> 00:11:42,200
මම විත්ති පාර්ශ්වය එක්ක එකඟ වෙනවා.

116
00:11:43,481 --> 00:11:46,186
මේ සාක්ෂිකරුවන්ව
සහ එයාලගේ සාක්ෂි

117
00:11:46,280 --> 00:11:48,480
නිල වාර්තාවලට
ඇතුළත් කරන්න බෑ.

118
00:11:48,607 --> 00:11:50,247
ස්තූතියි,
ස්වාමීනි.

119
00:11:51,280 --> 00:11:53,240
සාමාන්‍ය බුද්ධිය ජය ගත්තා.

120
00:11:54,061 --> 00:11:55,300
ඒත්...

121
00:11:55,521 --> 00:11:59,361
මේ මිනිස්සුන්ගේ මරණවල තියෙන
සැක සහිත ස්වභාවය නිසා,

122
00:12:00,841 --> 00:12:04,278
අපි අනිවාර්යයෙන්ම ඒ සාක්ෂි අහන්න ඕනේ.

123
00:12:05,560 --> 00:12:09,560
-මොකක්! ඒත් ස්වාමීනි, කොහොමද--
-වාඩිවෙන්න, වේද් ප්‍රකාශ්-ජී.

124
00:12:17,121 --> 00:12:18,321
ස්තූතියි.

125
00:12:23,720 --> 00:12:26,280
"සබුරි වලදී අපිට ඉගැන්නුවා

126
00:12:26,880 --> 00:12:29,600
"අපි හැමතිස්සෙම අපේ ගුරුතුමාගේ
අණ පිළිපදින්න ඕනේ කියලා."

127
00:12:31,001 --> 00:12:35,720
අපි කවදාවත් එයාගේ අරමුණු ගැනවත්
ක්‍රම ගැනවත් ප්‍රශ්න කරන්න හොඳ නෑ.

128
00:12:37,121 --> 00:12:39,161
අපි අපේ අනන්‍යතාවයන් නැති කරගත්තා.

129
00:12:39,400 --> 00:12:40,878
ආපහු ගෙදර යන එක පැත්තකින් තියමුකො,

130
00:12:40,961 --> 00:12:43,238
අපේ දෙමව්පියෝ එක්ක කතා කරන එකත්

131
00:12:43,321 --> 00:12:44,600
අපරාධයක් වුණා.

132
00:12:47,481 --> 00:12:51,161
මේ චාරිත්‍රයට කිව්වේ
ශක්තිය දානය කිරීම (Gift of Strength) කියලා.

133
00:12:53,161 --> 00:12:55,038
බාප්ජිගේ ආත්මයේ තියෙන ශක්තිය

134
00:12:55,160 --> 00:12:57,640
අපේ ආත්මයට මාරු කිරීමක්.

135
00:13:01,201 --> 00:13:03,878
"අපිට එකම CD එක පැය ගාණක්
අහන්න සැලැස්සුවා, කොයිතරම්ද කිව්වොත්..."

136
00:13:03,961 --> 00:13:09,920
අපිට වෙන කිසිම දෙයක් ගැන
හිතන්න බැරි වෙනකම්ම.

137
00:13:11,600 --> 00:13:16,040
ඊටපස්සේ,
අපිට හිතන්න පුළුවන් වුණේ බාප්ජි ගැන විතරයි.

138
00:13:17,080 --> 00:13:20,001
"එයාලා විතරක් නෙවෙයි..."

139
00:13:20,481 --> 00:13:23,161
අපි එයාලගේ සිතුවිලිත්
පාලනය කළා.

140
00:13:23,361 --> 00:13:26,240
අපි ඇහුවේ
අපිට අහන්න සලස්වපු දේවල් විතරයි.

141
00:13:26,641 --> 00:13:29,278
තේරුම් ගත්තේ
අපිට තේරුම් ගන්න සලස්වපු දේවල් විතරයි.

142
00:13:29,361 --> 00:13:30,841
ඒ වගේම කළේ,

143
00:13:31,680 --> 00:13:33,800
අපිට කරන්න කියපු දේවල් විතරයි.

144
00:13:38,201 --> 00:13:39,720
ඊටපස්සේ තමයි ඒක පටන් ගත්තේ.

145
00:13:52,240 --> 00:13:53,923
ආධ්‍යාත්මික කෙනෙක්

146
00:13:54,200 --> 00:13:57,240
භෞතික ලෝකයෙන්
ඈත් වෙනවා.

147
00:13:57,880 --> 00:13:59,837
එයා තමන්ගේ ගෝලයන්ව
ස්පර්ශ කරනකොට...

148
00:13:59,920 --> 00:14:02,280
ඒක දෙමව්පියන්ගේ ආදරණීය ස්පර්ශයක්.

149
00:14:02,641 --> 00:14:03,517
ඒක වැරදි නෑ.

150
00:14:03,600 --> 00:14:04,758
ඒක අපයෝජනයක් නෙවෙයි.

151
00:14:04,841 --> 00:14:06,440
ඒක නිකන්ම ශක්තිය මාරු කිරීමක් විතරයි.

152
00:14:11,400 --> 00:14:13,400
ශක්ති දානය කියන
නම පාවිච්චි කරලා,

153
00:14:13,681 --> 00:14:16,600
එයාලා ඒ ළමයින්ගේ හිතන්න තියෙන හැකියාව
විනාශ කරලා දැම්මා,

154
00:14:16,880 --> 00:14:19,201
එයාලගේ නිදහස උදුරගත්තා.

155
00:14:28,961 --> 00:14:31,121
ඇත්තටම මොකක්ද මේ
ශක්ති දානය කියන්නේ?

156
00:14:33,280 --> 00:14:35,078
ශරීරයෙන් ශරීරයට...

157
00:14:35,161 --> 00:14:36,880
පරමාණුවේ ඉඳන් විශ්වය පුරාම...

158
00:14:37,201 --> 00:14:39,280
බලය ගලා යන්න දෙන්න,
ඈතින් ඈතට...

159
00:14:39,961 --> 00:14:41,957
ගුරු කියන්නේ භක්තියයි,
ගුරු කියන්නේ කරුණාවයි.

160
00:14:42,040 --> 00:14:46,121
ගුරුතුමා... මුළු අවකාශයම පුරවාවි.

161
00:15:13,920 --> 00:15:15,681
-නමස්කාරේ සර්.
-නමස්කාරේ.

162
00:15:16,040 --> 00:15:17,321
හ්ම්...

163
00:15:17,880 --> 00:15:21,361
මට ඔයා එක්ක... පොඩි දෙයක් කතා කරන්න ඕනේ.

164
00:15:21,521 --> 00:15:22,440
කියන්න?

165
00:15:25,240 --> 00:15:26,280
මම ඇතුළට එන්නද?

166
00:15:27,201 --> 00:15:28,081
එන්න.

167
00:15:29,440 --> 00:15:30,760
මොකද වුණේ, කියන්න?

168
00:15:31,720 --> 00:15:32,720
මොකක්ද ප්‍රශ්නේ?

169
00:15:33,920 --> 00:15:35,361
මොනවා හරි කියන්නකෝ. මොකද වුණේ?

170
00:15:37,600 --> 00:15:40,560
-මාස්ටර්-ජී...
-කියලා දාන්න. මොකද වුණේ?

171
00:15:42,641 --> 00:15:44,118
DNA පරීක්ෂණයේ ප්‍රතිඵල ඇවිත්.

172
00:15:44,201 --> 00:15:45,837
මට...
මට මුකුත් අහන්න ඕනේ නෑ.

173
00:15:45,920 --> 00:15:47,118
යන්න. මෙතනින් යන්න.

174
00:15:47,201 --> 00:15:49,681
-DNA පරීක්ෂණයෙන් තහවුරු වෙලා--
-කිසිම DNA පරීක්ෂණයක් කළේ නෑ.

175
00:15:49,920 --> 00:15:52,560
-ප්‍රතිඵලවලින් තහවුරු වෙන්නේ--
-කට වහගන්නවා!

176
00:15:54,121 --> 00:15:55,880
ඔයා බලාපොරොත්තුවක් ගැන කතා කළානේ!

177
00:15:56,080 --> 00:15:57,000
අනේ මට සමාවෙන්න--

178
00:15:57,001 --> 00:15:59,423
මම කොහොමද තමුසෙට සමාව දෙන්නේ?
මට තමුසෙට සමාව දෙන්න ඕනේ නෑ.

179
00:15:59,543 --> 00:16:01,143
-මෙතනින් පලයන්.
-මාස්ටර්-ජී, අනේ මම කියන දේ අහන්න.

180
00:16:01,161 --> 00:16:03,118
මුකුත් වුණේ නෑ.
මට මුකුත් අහන්න ඕනේ නෑ.

181
00:16:03,201 --> 00:16:04,438
තමුසේ බොරු කියන්නේ!

182
00:16:04,521 --> 00:16:05,801
පලයන් මෙතනින්!

183
00:16:06,080 --> 00:16:07,641
තමුසේ ඇයි මෙහෙට ආවේ?

184
00:16:07,961 --> 00:16:11,440
පලයන්! දැන්ම මගේ ගෙදරින්
එළියට පලයන්!

185
00:16:12,080 --> 00:16:13,361
මේක ආනන්ද්ගේ...

186
00:16:15,720 --> 00:16:17,560
මේ ආනන්ද්ගේ බටනලාව.

187
00:16:19,400 --> 00:16:20,920
මට මේක එතන තිබිලා හම්බවුණා.

188
00:16:23,001 --> 00:16:24,880
මට සමාවෙන්න මාස්ටර්-ජී.

189
00:16:25,801 --> 00:16:27,481
මට ආනන්ද්ව බේරගන්න බැරි වුණා.

190
00:16:30,001 --> 00:16:31,681
මම පැරදුණා මාස්ටර්-ජී...

191
00:16:32,961 --> 00:16:37,598
ආනන්ද්ට වුණ දේ ගැන
මම ගොඩක් පසුතැවෙනවා.

192
00:16:37,681 --> 00:16:39,961
ආනන්ද්!

193
00:16:41,001 --> 00:16:42,681
අනේ මට සමාවෙන්න මාස්ටර්-ජී.

194
00:16:57,121 --> 00:17:00,961
මම දුප්පත් මනුස්සයෙක් දිහා බලනකොට,

195
00:17:02,560 --> 00:17:03,760
මට හිතෙනවා...

196
00:17:06,240 --> 00:17:08,321
දෙවියෝ ඇයි එයාලව දුප්පත් කළේ කියලා?

197
00:17:11,161 --> 00:17:14,600
ඇයි නරක මිනිස්සු හැමදාම දියුණු වෙන්නේ?

198
00:17:15,920 --> 00:17:18,760
ඇයි හොඳ මිනිස්සු
මේ තරම් දුක් විඳින්නේ?

199
00:17:23,040 --> 00:17:24,641
මේක අසාධාරණයක් නෙවෙයිද?

200
00:17:29,801 --> 00:17:31,040
දවසක්...

201
00:17:33,280 --> 00:17:35,760
කැලේ කටු පඳුරක් තිබුණා.

202
00:17:36,801 --> 00:17:39,881
ඒකේ කටු
ඒ පාරේ යන ඕනෑම කෙනෙකුට

203
00:17:40,720 --> 00:17:42,280
ඇනුණා.

204
00:17:44,641 --> 00:17:46,240
කටු ඇනිලා එපා වුණ,

205
00:17:47,161 --> 00:17:49,720
මනුස්සයෙක් ඒ ගහ කපලා දැම්මා.

206
00:17:50,760 --> 00:17:54,641
ඒත් ගහ ගොඩක් ලොකු නිසා
ඒක සම්පූර්ණයෙන්ම කපන්න බැරි වුණා.

207
00:17:56,760 --> 00:17:58,920
කොටයක් ඉතුරු වුණා.

208
00:18:01,240 --> 00:18:03,240
දවසක්, එතනින් ගිය හරකෙක්...

209
00:18:04,760 --> 00:18:07,628
තමන්ගේ පිට කහගන්න

210
00:18:07,760 --> 00:18:09,640
ඒ කොටේට හේත්තු වෙලා

211
00:18:09,960 --> 00:18:12,440
උගේ බඩවැල් ඉරාගත්තා.

212
00:18:15,760 --> 00:18:19,321
මිනිස්සු ඒ කොටේට ගොඩක් සාප කළා.

213
00:18:20,040 --> 00:18:24,038
ඒත් එයාලා පුදුම වුණා

214
00:18:24,121 --> 00:18:26,969
වැස්සට පස්සේ,

215
00:18:27,080 --> 00:18:29,408
ඒ කොටෙන් අලුත් දළු
දාලා තියෙනවා දැකලා.

216
00:18:31,321 --> 00:18:33,669
මිනිස්සු ප්‍රශ්න කරන්න පටන් ගත්තා

217
00:18:33,760 --> 00:18:36,108
දෙවියන්ගේ මේ ක්‍රියාවේ

218
00:18:36,801 --> 00:18:38,560
යුක්තියක් තියෙනවාද කියලා.

219
00:18:40,201 --> 00:18:42,440
ඒත් වැස්සෙන් දවස් කිහිපයකට පස්සේ,

220
00:18:42,880 --> 00:18:46,760
ආපු ලොකු කුණාටුවකට
ඒ කොටේ

221
00:18:46,840 --> 00:18:49,180
මුලින්ම ගැලවිලා ගියා.

222
00:18:52,600 --> 00:18:54,321
අර අලුත් අතු

223
00:18:55,280 --> 00:18:56,758
හුළඟට උදව් කළා

224
00:18:56,840 --> 00:19:00,179
ඒ කොටේ මුලින්ම
ගලවලා දාන්න.

225
00:19:03,201 --> 00:19:05,600
මේක තමයි දේව යුක්තිය.

226
00:19:15,080 --> 00:19:18,681
ස්වාමීනි,
මම පිළිගන්න ඕනේ...

227
00:19:19,440 --> 00:19:24,201
මගේ මිත්‍රයා, භාලේරාඕ-ජී
හරිම දක්ෂ කතාකාරයෙක්.

228
00:19:24,920 --> 00:19:26,121
මම ඒක ගොඩක් වින්දා.

229
00:19:27,440 --> 00:19:29,080
ඒත් මේක කතාවක්,

230
00:19:29,920 --> 00:19:32,200
ඇත්ත නෙවෙයි.
ඒකයි වැදගත් වෙන්නේ.

231
00:19:33,201 --> 00:19:37,841
මෙයා විශ්වාස කරන්නේ
සබුරි කියන්නේ ආශ්‍රමයක් නෙවෙයි...

232
00:19:38,400 --> 00:19:40,880
මහා පරිමාණයෙන් ස්ත්‍රී දූෂණ වෙන

233
00:19:40,959 --> 00:19:43,201
කර්මාන්තශාලාවක් කියලා.

234
00:19:46,080 --> 00:19:50,357
ඉතින්, මේ කියන කර්මාන්තශාලාවේ
නිෂ්පාදන පටිය...

235
00:19:50,440 --> 00:19:51,681
නෑ නෑ, ඒකට මොකක්ද කියන්නේ?

236
00:19:52,560 --> 00:19:54,706
මේ කර්මාන්තශාලාවේ
නිෂ්පාදන ක්‍රියාවලියෙන්

237
00:19:55,179 --> 00:19:57,880
මේ වෙනකම් බිහිවෙලා තියෙන්නේ
එකම එක වින්දිතයෙක් විතරයි.

238
00:19:58,841 --> 00:20:01,201
ඒකත් තවම
තහවුරු වෙලා නෑ ස්වාමීනි.

239
00:20:02,440 --> 00:20:03,560
කොහොම වුණත්,

240
00:20:04,841 --> 00:20:06,641
මෙයා මාර කතාකාරයෙක්.

241
00:20:09,801 --> 00:20:12,400
ස්වාමීනි, මම මගේ ඊළඟ සාක්ෂිකාරියව
කැඳවන්න කැමතියි.

242
00:20:12,920 --> 00:20:15,400
එයා මහාෂර්නි ඉස්කෝලේ
ඉගෙනගත්ත ළමයෙක්,

243
00:20:15,760 --> 00:20:19,321
ශක්ති දානය කියන්නේ ඇත්තටම මොකක්ද කියලා
එයා අපිට කියාවි.

244
00:20:38,161 --> 00:20:40,400
ගුරුතුමා ඉන්නකොට අඳුර මැකිලා යනවා.

245
00:20:47,841 --> 00:20:48,961
අම්රිතා-ජී...

246
00:20:50,201 --> 00:20:52,920
ඔයා මිස්ටර් චකෝසිගේ ඉස්කෝලේ
ළමයෙක් නේද?

247
00:20:54,080 --> 00:20:56,201
මම බාප්ජිගේ ඉස්කෝලේ ළමයෙක්.

248
00:20:56,961 --> 00:20:59,040
කරුණාකරලා මගේ ගුරුතුමාට ගෞරවයෙන් කතා කරන්න.

249
00:21:01,040 --> 00:21:02,600
ඒ වගේම අපි වාසගම් පාවිච්චි කරන්නේ නෑ.

250
00:21:03,521 --> 00:21:06,440
මොකද අපිට ආගමක් හරි
කුලයක් හරි නෑ.

251
00:21:08,201 --> 00:21:09,321
මට සමාවෙන්න.

252
00:21:10,600 --> 00:21:14,321
ශක්ති දානය කියන්නේ මොකක්ද කියලා
උසාවියට කියන්න.

253
00:21:20,641 --> 00:21:22,280
ශරීරයෙන් ශරීරයට,

254
00:21:22,841 --> 00:21:24,357
පරමාණුවේ ඉඳන් විශ්වය පුරාම.

255
00:21:24,440 --> 00:21:26,361
බලය ගලා යන්න දෙන්න, ඈතින් ඈතට.

256
00:21:26,681 --> 00:21:29,269
ගුරු කියන්නේ භක්තියයි, ගුරු කියන්නේ කරුණාවයි.

257
00:21:29,360 --> 00:21:32,000
ගුරුතුමා මුළු අවකාශයම පුරවාවි.

258
00:21:35,130 --> 00:21:37,790
ගුරුතුමෙක් තමන්ගේ ශක්තිය

259
00:21:37,856 --> 00:21:40,000
තමන්ගේ ගෝලයන්ගේ ජීවිතවලට ඇතුල් කරන එකට

260
00:21:40,880 --> 00:21:42,560
තමයි ශක්ති දානය කියන්නේ.

261
00:21:42,841 --> 00:21:46,321
හරි. එතකොට මේ ශක්ති දානයේ
අරමුණ මොකක්ද?

262
00:21:47,801 --> 00:21:49,885
බාප්ජිට ඇත්තටම භක්තිමත් වෙන්න පුළුවන් වෙන්නේ

263
00:21:50,840 --> 00:21:53,120
මේ ශක්ති දානයෙන්
පස්සේ විතරයි.

264
00:21:53,681 --> 00:21:57,880
සැබෑ බැතිමතුන් වෙන්න කැමති අයට විතරයි
මේ ආශිර්වාදය ලැබෙන්නේ.

265
00:21:58,920 --> 00:22:02,201
එතකොට මේ...
ශක්ති දානය කරන විදිහ මොකක්ද?

266
00:22:02,961 --> 00:22:05,760
බාප්ජි මුලින්ම අපේ ශරීරයයි
මනසයි පිරිසිදු කරනවා,

267
00:22:06,121 --> 00:22:08,880
ඊටපස්සේ ශක්තිය ලබාගන්න
අපිට මන්ත්‍රයක් දෙනවා.

268
00:22:09,400 --> 00:22:11,280
ඊට අමතරව වෙන මොනවා හරි?

269
00:22:17,280 --> 00:22:18,280
හරි.

270
00:22:19,760 --> 00:22:21,190
ඔයා සබුරි වල ඉන්නකොට,

271
00:22:22,080 --> 00:22:24,480
බාප්ජි ඔයාව කවදාහරි ස්පර්ශ කරලා තියෙනවාද?

272
00:22:32,040 --> 00:22:33,521
එක පාරක් විතරයි.

273
00:22:35,841 --> 00:22:38,641
එයා මට ආශිර්වාද කරන්න
මගේ ඔළුවට අත තියපු වෙලාවේ.

274
00:22:40,760 --> 00:22:43,361
එයා කවදාහරි ඔයාව
වැරදි විදිහට ස්පර්ශ කරලා තියෙනවාද?

275
00:22:46,080 --> 00:22:47,080
නෑ.

276
00:22:47,920 --> 00:22:51,560
කවුරුහරි ඔයාව අපයෝජනය කරනවා නම්,
එයාලා ඔයාගේ ශක්තිය උදුරගන්නවා.

277
00:22:52,361 --> 00:22:53,880
ඔයාට ශක්ති දානයක් දෙන්නේ නෑ.

278
00:22:58,361 --> 00:22:59,373
ස්තූතියි.

279
00:23:00,161 --> 00:23:01,481
එච්චරයි ස්වාමීනි.

280
00:23:03,321 --> 00:23:05,880
මිස්ටර් භාලේරාඕ, ඔයාට ප්‍රශ්න තියෙනවාද?

281
00:23:10,321 --> 00:23:14,321
මගේ හිතට එක ප්‍රශ්නයක් එනවා...

282
00:23:15,160 --> 00:23:17,532
මේ ශක්ති දානය
වැඩසටහනටයි,

283
00:23:17,613 --> 00:23:20,604
ඊටපස්සේ කරන
ඒ පිරිසිදු කිරීමේ වැඩසටහනටයි,

284
00:23:21,460 --> 00:23:23,701
ඇයි පිරිමි ළමයිව
කවදාවත් සම්බන්ධ කරගන්නේ නැත්තේ?

285
00:23:25,280 --> 00:23:27,440
මොකද ගැහැනියක් කියන්නේ
ශක්තියේ සංකේතයක්.

286
00:23:27,560 --> 00:23:28,681
පිරිමියෙක් නෙවෙයි.

287
00:23:30,641 --> 00:23:32,886
ඒ වගේම, තාත්තා කෙනෙක්

288
00:23:33,993 --> 00:23:35,233
තමන්ගේ දරුවාව නාවන එකේ තියෙන වැරැද්ද මොකක්ද?

289
00:23:40,521 --> 00:23:41,761
ස්තූතියි.

290
00:24:04,521 --> 00:24:06,121
අම්රිතා ගැන අමතක කරන්න.

291
00:24:10,440 --> 00:24:11,961
මේ වෙච්ච හැමදේම එක්ක...

292
00:24:13,240 --> 00:24:15,240
එයා අද ඇත්ත
කියන්න තිබුණා.

293
00:24:16,321 --> 00:24:17,801
ඒක තමයි එයාගේ ඇත්ත.

294
00:24:19,040 --> 00:24:21,560
-ඒක එයාගේ වැරැද්දක් නෙවෙයි.
-එහෙනම් කාගේ වැරැද්දද?

295
00:24:22,240 --> 00:24:23,841
මාත් කටවහගෙන ඉන්න තිබුණා.

296
00:24:27,720 --> 00:24:30,040
"හරි දේ වෙනුවෙන් කවදාවත් සමාව ඉල්ලන්න එපා.

297
00:24:31,801 --> 00:24:33,760
"ඔයා හරි කියලා ඔයා දන්නවා නම්,

298
00:24:34,400 --> 00:24:35,641
"ඔයාගේ අදහස කියන්න."

299
00:24:37,440 --> 00:24:39,400
"ඔයා තනිවෙලා හිටියත්.

300
00:24:41,641 --> 00:24:43,841
"ඇත්ත හැමදාම ඇත්තම තමයි."

301
00:24:46,641 --> 00:24:48,080
දන්නවාද මේක කිව්වේ කවුද කියලා?

302
00:24:52,280 --> 00:24:53,440
ඔයා කොහොම දැනගන්නද?

303
00:24:54,321 --> 00:24:57,280
අපි එයා ගැන කියවන එකයි උගන්වන එකයි
ගොඩක් කාලෙකට කලින්ම නැවැත්තුවා.

304
00:26:17,201 --> 00:26:19,042
අපරාධය වුණ දවසේ,

305
00:26:19,160 --> 00:26:21,400
සුනිල් චකෝසිගේ කාමරේට
වෙන කවුද ආවේ?

306
00:26:21,481 --> 00:26:25,281
නීතිඥයෝ කීපදෙනෙකුයි ඉඩම් තැරැව්කාරයෙක්
වෙන නරේන් කට්‍යාල් කියන කෙනෙකුයි.

307
00:26:25,321 --> 00:26:26,200
අවමංගල්‍යය
නරේන් කට්‍යාල්, ඉඩම් තැරැව්කරු

308
00:26:43,040 --> 00:26:44,240
ස්වාමීනි...

309
00:26:45,080 --> 00:26:48,481
බොරුවේ තියෙන ප්‍රශ්නේ තමයි
ඒක දිගින් දිගටම කියන්න වෙන එක.

310
00:26:49,481 --> 00:26:51,880
ඒත් ඇත්ත
එක පාරක් කිව්වාම ඇති.

311
00:26:53,720 --> 00:26:56,144
ඒකයි අද මගේ රාජකාරිය
ගොඩක් ලේසි වෙලා තියෙන්නේ

312
00:26:56,240 --> 00:26:57,873
වේද් ප්‍රකාශ්-ජීට වඩා.

313
00:26:59,080 --> 00:27:01,718
මොකද කාඩ්වලින් ගෙයක් හදන එක
අමාරු වැඩක්.

314
00:27:01,801 --> 00:27:04,400
ඒත් ඒක කඩලා දාන්න
ඕනේ එක සුළං පාරක් විතරයි.

315
00:27:06,880 --> 00:27:10,440
පැමිණිලි පාර්ශවය මිස්ටර් සුනිල් චකෝසිව
සාක්ෂි කූඩුවට කැඳවන්න කැමතියි.

316
00:27:11,481 --> 00:27:12,481
අවසර දෙනවා.

317
00:27:46,001 --> 00:27:47,161
මම ඔයාට මොකක් කියලාද කතා කරන්න ඕනේ?

318
00:27:48,361 --> 00:27:50,560
බාප්ජි කියලද නැත්නම් සුනිල් චකෝසි කියලද?

319
00:27:55,600 --> 00:27:58,196
මිනිස්සු නම, ආගම වගේම කුලය
සලකන්නේ...

320
00:27:58,296 --> 00:28:00,356
ගෞරවයේ සංකේතයක් විදිහට.

321
00:28:01,841 --> 00:28:05,080
ඒත් මට නම්, ඒක ආත්මය
දූෂණය කරන ක්‍රමයක් විතරයි.

322
00:28:05,321 --> 00:28:06,400
අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා.

323
00:28:06,440 --> 00:28:09,240
හැමතිස්සෙම බණ කියන්න
අවශ්‍ය නෑ.

324
00:28:10,961 --> 00:28:11,961
කොහොමහරි...

325
00:28:12,641 --> 00:28:15,000
පොලිසිය ඔයාගෙන් ප්‍රශ්න කරපු...

326
00:28:15,080 --> 00:28:17,217
පළවෙනි වතාවේ, ඔයා කියලා තිබුණා...

327
00:28:17,600 --> 00:28:20,641
අපරාධය වුණ වෙලාවේ,
ඔයා භාවනා කර කර හිටියා කියලා.

328
00:28:22,521 --> 00:28:23,720
හුදෙකලාව.

329
00:28:28,321 --> 00:28:29,361
ඒක බොරුවක් නේද?

330
00:28:31,641 --> 00:28:35,238
ඔයා ගාව හැම උත්තරයක්ම තියෙනවා නම්,
ඇයි තවත් ප්‍රශ්න අහන්නේ--

331
00:28:35,321 --> 00:28:37,161
ඒක බොරුවක්ද නැද්ද?

332
00:28:39,481 --> 00:28:43,240
කාවහරි බේරගන්න කියන බොරුවක්
බොරුවක් වෙන්නේ නෑ.

333
00:28:43,920 --> 00:28:46,001
ඔයා බොරු කිව්වේ ඔයාව බේරගන්න.

334
00:28:47,121 --> 00:28:50,361
ලෝකෙටම අවංකකම ගැන බණ කියපු
මේ ශුද්ධවන්තයාට,

335
00:28:50,760 --> 00:28:54,001
තමන්ගේ ජීවිතේ බේරගන්න
බොරු කියන්න සිද්ධ වුණා.

336
00:28:56,080 --> 00:28:58,841
හුදෙකලාවෙ හිටියා කියපු බොරුව
අහුවුණාට පස්සේ,

337
00:28:59,161 --> 00:29:01,440
ඔයා තවත් බොරුවක් හැදුවා.

338
00:29:02,560 --> 00:29:05,600
ඒ තමයි අපරාධය වුණ වෙලාවේ,

339
00:29:05,961 --> 00:29:09,120
නීති විරෝධී සංක්‍රමණිකයෙකුගේ
විවාහ උත්සවයක මූලිකත්වය අරගෙන...

340
00:29:09,160 --> 00:29:11,201
මුළු වෙලාවෙම එතන හිටියා කියන එක.

341
00:29:13,361 --> 00:29:14,361
විවාහ උත්සවයක්.

342
00:29:15,280 --> 00:29:17,880
ඒ කියන්නේ සෙනඟ පිරුණ...

343
00:29:19,001 --> 00:29:20,040
සාක්ෂිකරුවන් ගොඩක් ඉන්න තැනක්.

344
00:29:23,600 --> 00:29:24,920
හොඳම නිදහසට කරුණ.

345
00:29:27,121 --> 00:29:28,746
ඒත් ඔයාගේ මේ කතාවත්
බොරුවක්.

346
00:29:28,846 --> 00:29:30,080
විරුද්ධයි ස්වාමීනි.

347
00:29:30,481 --> 00:29:31,801
මේකෙ තියෙන බොරුව මොකක්ද?

348
00:29:32,814 --> 00:29:34,294
ඔයාම අහලා බලන්න.

349
00:29:34,447 --> 00:29:35,447
ඒක දාන්න.

350
00:29:39,961 --> 00:29:42,400
එදා, ඒ වෙලාවේ,

351
00:29:44,040 --> 00:29:47,521
මම හිටියේ මගේ තාත්තා එක්ක.

352
00:29:48,841 --> 00:29:50,880
ඒකට සාක්ෂිකාරයා මමයි--

353
00:29:51,720 --> 00:29:52,681
නවත්තන්න.

354
00:29:53,400 --> 00:29:54,521
ආපස්සට ගන්න.

355
00:29:54,760 --> 00:29:55,683
හරි, හරි.

356
00:29:57,001 --> 00:29:58,121
වේද් ප්‍රකාශ්-ජී.

357
00:29:59,801 --> 00:30:00,681
දාන්න.

358
00:30:00,841 --> 00:30:02,961
එදා, ඒ වෙලාවේ,

359
00:30:04,040 --> 00:30:07,280
මම හිටියේ මගේ තාත්තා එක්ක.

360
00:30:07,481 --> 00:30:08,516
නවත්තන්න.

361
00:30:09,161 --> 00:30:10,050
ස්තූතියි.

362
00:30:10,321 --> 00:30:11,240
ස්වාමීනි...

363
00:30:11,481 --> 00:30:14,680
කශ්‍යප් චකෝසිට කේතන්ගේ ෆොටෝ එක
පෙන්නුවාම,

364
00:30:14,720 --> 00:30:16,251
එයාට එයාව අඳුරගන්න බැරි වුණා.

365
00:30:17,280 --> 00:30:19,681
ඒ කියන්නේ එයා විවාහ උත්සවයේ
ඉඳලා නෑ.

366
00:30:25,001 --> 00:30:27,957
ඉතින්, කශ්‍යප් චකෝසිට අනුව...

367
00:30:28,149 --> 00:30:32,280
ඔයා විවාහ උත්සවයේ හිටියා,
ඒත් ඊටපස්සේ, ඔයා හිටියේ එයා එක්ක.

368
00:30:33,681 --> 00:30:35,869
ඒත් ඔයා කියන්නේ ඔයා මුළු වෙලාවෙම

369
00:30:35,960 --> 00:30:38,148
විවාහ උත්සවයේ හිටියා කියලා.

370
00:30:40,961 --> 00:30:44,841
ඔයාට ෂුවර්ද ඔයා මුළු වෙලාවෙම
හිටියේ විවාහ උත්සවයේ කියලා?

371
00:30:49,121 --> 00:30:51,201
මියගිය මගේ පුතාට කරන ගෞරවයක් විදිහට,

372
00:30:51,320 --> 00:30:54,050
මම මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න
ප්‍රතික්ෂේප කරනවා.

373
00:30:54,176 --> 00:30:56,560
ඔයා මුළු වෙලාවෙම
හිටියේ විවාහ උත්සවයේද?

374
00:30:58,161 --> 00:30:59,841
ප්‍රශ්නෙට උත්තර දෙන්න මිස්ටර් චකෝසි.

375
00:31:05,161 --> 00:31:08,641
අපිට කියන්න කවුද බොරු කියන්නේ කියලා.
ඔයාද නැත්නම් කශ්‍යප්ද?

376
00:31:15,521 --> 00:31:17,121
කශ්‍යප් බොරු කිව්වා.

377
00:31:25,880 --> 00:31:29,560
ඔයාගේ ජීවිතේ බේරගන්න
තමන්ගේ ජීවිතේ පූජා කරපු පුතාව,

378
00:31:29,841 --> 00:31:33,045
දැන් මෙයා ඒ පුතාවම බොරුකාරයෙක් කරනවා

379
00:31:33,160 --> 00:31:35,240
තමන්ගේ ජීවිතේ බේරගන්න.

380
00:31:39,841 --> 00:31:41,841
සමහරවිට ඔයාට වෙන්න ඇති
ශක්ති දානයක් ඕනෙ වෙලා තියෙන්නේ.

381
00:31:42,201 --> 00:31:43,880
විරුද්ධයි ස්වාමීනි.

382
00:31:44,080 --> 00:31:46,080
මෙයා මගේ සේවාදායකයාව බය කරනවා.

383
00:31:46,440 --> 00:31:48,641
මෙයා ප්‍රශ්න අහන්න ඕනේ මිසක්,
අපහාස කරන්න නෙවෙයි.

384
00:31:49,361 --> 00:31:52,677
වේද් ප්‍රකාශ්-ජී, එයා සර්වබලධාරියි,
ඒත් මම නිකන්ම නිකන් සාමාන්‍ය මනුස්සයෙක්.

385
00:31:52,760 --> 00:31:55,280
-මම කොහොමද එයාව බය කරන්නේ?
-විරුද්ධයි ස්වාමීනි!

386
00:31:55,760 --> 00:31:57,400
පරිස්සමෙන්, මිස්ටර් භාලේරාඕ.

387
00:32:08,641 --> 00:32:10,521
මේ තියෙන්නේ ඔයාගේ අත්සනද?

388
00:32:16,040 --> 00:32:18,961
ඇයි මට හැම ප්‍රශ්නයක්ම දෙතුන් පාරක්
අහන්න වෙලා තියෙන්නේ මිස්ටර් චකෝසි?

389
00:32:19,201 --> 00:32:21,080
මේ තියෙන්නේ ඔයාගේ අත්සනද නැද්ද?

390
00:32:25,560 --> 00:32:27,040
හරි, මම ඒකට උත්තර දෙන්නම්.

391
00:32:27,440 --> 00:32:28,440
ස්වාමීනි...

392
00:32:29,481 --> 00:32:31,880
වාර්තා පරීක්ෂා කරලා බැලුවාට පස්සේ,
අපිට හොයාගන්න ලැබුණා

393
00:32:32,161 --> 00:32:35,400
ඇත්තටම කශ්‍යප් කියල තියෙන්නේ
ඇත්ත කියලා.

394
00:32:41,880 --> 00:32:44,600
ඕනෑම දුෂ්ටයෙකුගේ ආරක්ෂාවේ
දුර්වල තැනක් තියෙනවා.

395
00:32:47,400 --> 00:32:49,321
ඒක තමයි දේව යුක්තිය.

396
00:32:52,481 --> 00:32:55,801
මෙයාගේ ඒ දුර්වල තැන වුණේ
මෙයාගේ පුතා, කශ්‍යප්.

397
00:32:58,001 --> 00:33:02,240
එදා හවස, එයා ඉඩම් ගනුදෙනුවකට
අත්සන් කරලා තියෙනවා.

398
00:33:02,641 --> 00:33:04,558
තව දෙන්නෙක් එතන ඉඳලා තියෙනවා.

399
00:33:04,641 --> 00:33:06,477
එක්කෙනෙක් එයාගේ පුතා, කශ්‍යප් චකෝසි.

400
00:33:06,560 --> 00:33:07,878
අනිත් කෙනා තමයි

401
00:33:07,960 --> 00:33:11,179
ඉඩම් තැරැව්කරු, නරේන් කට්‍යාල්.

402
00:33:16,161 --> 00:33:18,020
සබුරි ආශ්‍රමයේ අමුත්තන්ගේ වාර්තාවලිනුත් ඔප්පු වෙනවා

403
00:33:18,160 --> 00:33:20,073
නරේන් කට්‍යාල් එදා හවස
එතන හිටියා කියලා.

404
00:33:20,360 --> 00:33:22,759
විරුද්ධයි ස්වාමීනි.
ඒකේ තියෙන සම්බන්ධය මොකක්ද?

405
00:33:23,321 --> 00:33:25,240
ඒකේ තියෙන සම්බන්ධය මොකක්ද,
මිස්ටර් භාලේරාඕ?

406
00:33:25,961 --> 00:33:29,801
ස්වාමීනි, එදා, හවස 4ත් 7ත්
අතර කාලය ඇතුළත,

407
00:33:31,440 --> 00:33:33,480
බාප්ජි හිටියේ විවාහ උත්සවයේ විතරක් නම්,

408
00:33:33,903 --> 00:33:36,001
එයා කොහොමද
මේ ලියකියවිලිවලට අත්සන් කරන්නේ?

409
00:33:37,321 --> 00:33:40,001
එයා මේ ලියකියවිලිවලට අත්සන් කළා නම්,

410
00:33:40,841 --> 00:33:43,920
ඇයි මේ වෙනකම් දුන්න කිසිම කටඋත්තරයක
ඒ ගැන සඳහන් කළේ නැත්තේ?

411
00:33:47,440 --> 00:33:51,121
ඝාතනය වුණ අර සාක්ෂිකරුවන් හයදෙනාගෙන්
එක්කෙනෙක් තමයි නරේන් කට්‍යාල් කියන්නේ.

412
00:33:53,641 --> 00:33:56,880
එයාව මැරුවේ නැත්නම්,
මම කවදාවත් එයා ගැන දැනගන්නේ නෑ.

413
00:33:59,240 --> 00:34:01,321
හරිම පුදුමයි නේද?

414
00:34:02,400 --> 00:34:04,970
එයා නැති එක
එයා ඉන්නවාට වඩා

415
00:34:05,080 --> 00:34:06,966
ලොකු හඬකින් අද

416
00:34:07,321 --> 00:34:08,438
ඇත්ත එළි කරනවා.

417
00:34:08,521 --> 00:34:09,681
ස්වාමීනි...

418
00:34:10,040 --> 00:34:12,480
මේ කිසිම දෙයකින් ඔප්පු වෙන්නේ නෑ බාප්ජි

419
00:34:12,600 --> 00:34:15,087
මීනු එක්ක එයාගේ කාමරේ හිටියා කියලා.

420
00:34:15,121 --> 00:34:16,957
ඒත් මේකෙන් ඔප්පු වෙනවා

421
00:34:17,040 --> 00:34:20,080
එදා හවස 4:15ත් 7:03ත්
අතර කාලයේදී,

422
00:34:20,560 --> 00:34:23,400
බාප්ජියි කශ්‍යප්නුයි
මුණගැහුණා කියලා.

423
00:34:23,560 --> 00:34:25,001
අපි ඒකට එකඟ වෙමුද?

424
00:34:27,961 --> 00:34:32,078
ස්වාමීනි, විත්ති පාර්ශවය එයාලගේ මුළු නඩුවම
ගොඩනඟලා තියෙන්නේ මේ තර්කය මතයි,

425
00:34:32,160 --> 00:34:35,071
ඒ තමයි බාප්ජිට මීනුව
දූෂණය කරන්න බෑ,

426
00:34:35,201 --> 00:34:38,280
මොකද ඒ වෙලාවේ එයා මුර්ෂිදා සුරයියාගේ
විවාහ උත්සවයේ හිටපු නිසා කියලා.

427
00:34:39,440 --> 00:34:41,637
ස්වාමීනි,
අපි හොඳටම ඔප්පු කරලා තියෙනවා

428
00:34:41,720 --> 00:34:44,598
සුනිල් චකෝසි උසාවියට බොරු කියපු
මේක තුන්වෙනි වතාව කියලා.

429
00:34:44,681 --> 00:34:46,558
කට වහගන්නවා කාලකණ්ණියා!

430
00:34:59,720 --> 00:35:02,321
මේ විකාර කතාවලින්
තමුසෙට මොකක්ද ඔප්පු කරන්න ඕනේ?

431
00:35:03,920 --> 00:35:06,001
මං ගාව අලඩින්ගේ පුදුම පහන තියෙනවා කියලද?

432
00:35:06,681 --> 00:35:09,521
ඒක අතුල්ලලා මට එකපාරටම
එයාගේ කාමරේට යන්න පුළුවන් වුණා කියලද?

433
00:35:10,040 --> 00:35:12,161
කාටවත්ම පේන්නේ නැතුව? ආ?

434
00:35:19,720 --> 00:35:23,040
මේ අලඩින්ගේ පුදුම පහන් තමයි
තමුසෙලා වගේ ශුද්ධවන්තයෝ ලෝකෙට විකුණන්නේ.

435
00:35:24,920 --> 00:35:26,361
තියෙන එකම වෙනස තමයි,

436
00:35:27,040 --> 00:35:30,801
ඒක අතුල්ලන්නේ අහිංසක මිනිස්සු,
ඒත් ඉෂ්ට වෙන්නේ තමුසෙලාගේ ප්‍රාර්ථනා.

437
00:35:32,560 --> 00:35:36,376
මාව එළියෙන් හම්බවෙයන්කො.
මම තමුසේගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරලා දෙන්නම්.

438
00:35:48,161 --> 00:35:49,521
වෙන ප්‍රශ්න නෑ.

439
00:36:04,080 --> 00:36:07,197
මම දන්නවා ඔයාට මගේ මූණවත්
බලන්න ඕනේ නෑ කියලා...

440
00:36:07,453 --> 00:36:10,134
-දමන්--
-මම කියන දේ ඉවර කරන්න දෙන්න.

441
00:36:14,161 --> 00:36:17,201
ඒ වෙච්ච දේත් එක්ක
මම සම්පූර්ණයෙන්ම කඩාවැටුණා.

442
00:36:17,321 --> 00:36:20,040
ඒ වගේම මම දන්නවා
ඔයාත් කඩාවැටුණා කියලා.

443
00:36:20,841 --> 00:36:21,761
දැන් ඇති දමන්.

444
00:36:21,801 --> 00:36:23,157
මම මෝඩයෙක්.

445
00:36:23,240 --> 00:36:25,548
මගේ මෝඩකම නිසා

446
00:36:25,640 --> 00:36:27,948
අපේ තාත්තාගේ ජීවිතේ නැතිවෙයි කියලා මම හිතුවේ නෑ.

447
00:36:32,641 --> 00:36:36,321
මටම මාව සමාව දීගන්න බැරුව ඉද්දි
මම කොහොමද ඔයාගෙන් සමාව ඉල්ලන්නේ?

448
00:36:41,920 --> 00:36:44,040
මට මගේ වැරැද්ද තේරෙනවා.

449
00:36:45,001 --> 00:36:47,438
ඒත් ඒක තේරුම් ගන්න මට ටික කාලයක් ගියා

450
00:36:47,743 --> 00:36:51,361
මගේ වැරදිවල ප්‍රතිඵලවලට
මම මුහුණ දෙන්න ඕනේ කියලා.

451
00:36:54,880 --> 00:36:58,840
ඔයාගෙන් ඈත් වෙලා ඉන්න එක
මට මරණ දඬුවමකට වඩා දෙවැනි නෑ.

452
00:37:02,841 --> 00:37:04,920
අදින් පස්සේ මම ඔයාව කවදාවත් හම්බවෙන්නේ නෑ.

453
00:37:05,321 --> 00:37:07,001
මම කෝල් එකක්වත් ගන්නේ නෑ.

454
00:37:08,720 --> 00:37:10,361
ඒත් එක දෙයක් මතක තියාගන්න.

455
00:37:11,280 --> 00:37:15,080
ඔයාගේ අයියාගේ හිතේ
ඔයා වෙනුවෙන් තියෙන්නේ ආදරේ විතරයි.

456
00:37:16,481 --> 00:37:17,521
ආදරේ විතරයි.

457
00:37:43,201 --> 00:37:44,321
ස්වාමීනි...

458
00:37:45,040 --> 00:37:48,400
අවුරුදු 17ක කෙල්ලෙක්
අපි හැමෝටම කණ්ණාඩියක් පෙන්නුවා.

459
00:37:49,240 --> 00:37:52,060
එයා අපිට පෙන්නුවා අපේ රටේ

460
00:37:52,160 --> 00:37:54,636
අසාධාරණය කොයිතරම් සාමාන්‍යද, ලාභද කියලා,

461
00:37:56,240 --> 00:37:59,321
ඒ වගේම යුක්තිය කොයිතරම්
අමාරුද, මිළ අධිකද කියලා.

462
00:38:01,001 --> 00:38:02,521
බාබාසාහේබ් නිතරම කියනවා,

463
00:38:03,400 --> 00:38:06,920
"දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදයට පවතින්න බෑ

464
00:38:08,001 --> 00:38:11,240
"ඒකෙ පදනම විදිහට,
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම්.

465
00:38:15,121 --> 00:38:17,918
"සමානාත්මතාවයටයි යුක්තියටයි විතරයි පුළුවන්

466
00:38:18,001 --> 00:38:21,559
"අපේ සමාජයේ තියෙන මේ වැඩවසම්,
පීතෘමූලික වගේම ස්ත්‍රී ද්‍රෝහී

467
00:38:21,640 --> 00:38:24,258
"රාමු බිඳලා දාන්න."

468
00:38:26,400 --> 00:38:28,480
ස්වාමීනි, මීනුගේ සාක්ෂිය

469
00:38:28,555 --> 00:38:30,400
එක පාරක්වත් වෙනස් වුණේ නෑ.

470
00:38:32,400 --> 00:38:34,806
විත්ති පාර්ශවයට බැරි වුණා

471
00:38:34,880 --> 00:38:38,040
මීනුගේ කටඋත්තරයේ
එකම එක අඩුවක්වත් හොයාගන්න.

472
00:38:40,321 --> 00:38:43,641
දැන් උසාවියට ඇත්ත අහන්න
කාලය ඇවිත්.

473
00:38:56,001 --> 00:38:57,797
බොරුකාර වේසි!

474
00:38:57,880 --> 00:38:59,878
- තොට කීයක් ගෙව්වාද?
- නිශ්ශබ්ද වෙන්න!

475
00:38:59,961 --> 00:39:02,357
-නිශ්ශබ්ද වෙන්න!
-කියපන්, සල්ලි කීයක් දුන්නාද?

476
00:39:02,440 --> 00:39:03,600
උසාවියේ නිශ්ශබ්දතාව රකින්න!

477
00:39:04,321 --> 00:39:06,127
වේසි!
මූව එළියට දානවා!

478
00:39:06,201 --> 00:39:08,720
-එළියට වරෙන්කො. මං තෝව මරනවා!
-එළියට යනවා!

479
00:39:25,521 --> 00:39:28,197
ස්වාමීනි, වාර්තාගත වීම සඳහා,

480
00:39:28,280 --> 00:39:30,186
මේ 11 වෙනි වතාවටයි

481
00:39:30,800 --> 00:39:33,560
මීනු එයාට වුණ ඒ බිහිසුණු සිදුවීම
නිල වශයෙන් මතක් කරන්නේ.

482
00:39:54,801 --> 00:39:56,521
මගේ නම මීනු රාවත්.

483
00:39:57,121 --> 00:40:00,920
මම බාප්ජිගේ සබුරි ආශ්‍රමයේ තියෙන
මහාෂර්නි ඉස්කෝලේ ළමයෙක්.

484
00:40:01,440 --> 00:40:03,600
මම නැවතිලා හිටියෙත්
ඉස්කෝලේ හොස්ටල් එකේ.

485
00:40:10,240 --> 00:40:13,121
එදා උදේ, මට ටිකක් සනීප මදි වුණා.

486
00:40:13,841 --> 00:40:16,240
මට ගොඩක් කරකැවිල්ල හැදිලා කලන්තේ දැම්මා.

487
00:40:19,681 --> 00:40:22,361
මම ඇහැරෙනකොට,
මම හිටියේ ක්ලිනික් එකේ කාමරයක.

488
00:40:23,600 --> 00:40:26,641
බෙහෙත් බිව්වාට පස්සේ
මට ටිකක් හොඳයි වගේ දැනුණා,

489
00:40:27,481 --> 00:40:31,920
ඒත් මට සම්පූර්ණ සිහියක් තිබුණේ නෑ.
මට දැනුණේ මම හීනයක් දකිනවා වගේ.

490
00:40:34,001 --> 00:40:35,841
කාමරේ දොර වහලයි තිබුණේ.

491
00:40:38,481 --> 00:40:40,880
එකපාරටම, බාප්ජි ඇතුළට ආවා.

492
00:40:44,440 --> 00:40:47,201
එයාව දැක්කාම මට හිතුණා,
දැන් හැමදේම හරියාවි කියලා.

493
00:40:50,440 --> 00:40:51,320
ඒත්...

494
00:40:52,801 --> 00:40:56,400
එයා මගේ ළඟට ඇවිත්...

495
00:41:04,841 --> 00:41:06,920
එයා මගේ ඇඳුම් ගැලෙව්වා.

496
00:41:11,801 --> 00:41:14,841
ඊටපස්සේ එයා...

497
00:41:18,361 --> 00:41:19,361
පහත් වෙලා...

498
00:41:22,841 --> 00:41:24,321
ඊටපස්සේ...

499
00:41:29,961 --> 00:41:30,961
එයා එයාගේ...

500
00:41:33,161 --> 00:41:34,361
ඇඟිල්ල...

501
00:41:35,760 --> 00:41:40,321
මගේ ඇතුළට දැම්මා... විනාඩි 15ක් තිස්සේ.

502
00:41:46,121 --> 00:41:47,920
ඒක ඉවර වුණාට පස්සේ,

503
00:41:48,681 --> 00:41:50,440
එයා මාව නාවලා

504
00:41:52,521 --> 00:41:55,280
මට කිව්වා එයා මට
ශක්ති දානයක් දුන්නා කියලා.

505
00:42:02,720 --> 00:42:04,238
ඊටපස්සේ එයා මට මන්ත්‍රයක් දීලා

506
00:42:04,321 --> 00:42:08,280
කිව්වා ඒක දිගින් දිගටම ජප කළොත්
මට ශක්තිය ලැබේවි කියලා.

507
00:42:09,080 --> 00:42:10,758
ශරීරයෙන් ශරීරයට,

508
00:42:10,841 --> 00:42:12,841
පරමාණුවේ ඉඳන් විශ්වය පුරාම,

509
00:42:13,240 --> 00:42:15,001
බලය ගලා යන්න දෙන්න, ඈතින් ඈතට.

510
00:42:15,400 --> 00:42:18,197
ගුරු කියන්නේ භක්තියයි, ගුරු කියන්නේ කරුණාවයි.

511
00:42:18,280 --> 00:42:20,880
ගුරුතුමා මුළු අවකාශයම පුරවාවි.

512
00:42:33,641 --> 00:42:35,440
මිස්ටර් වේද් ප්‍රකාශ්.

513
00:42:45,080 --> 00:42:46,961
මම මේක දැනටමත් 11 පාරක් කියලා තියෙනවා.

514
00:42:51,920 --> 00:42:53,481
තාමත් කවුරුවත් අහන්නේ නෑ.

515
00:42:56,920 --> 00:43:00,201
අවුරුදු දහයක් තිස්සේ, මම මේ මනුස්සයාට
දෙවියෙක්ට වගේ වැන්දා.

516
00:43:00,521 --> 00:43:02,797
මගේ දෙමව්පියෝ එයාට
දෙවියෙක්ට වගේ වැන්දා.

517
00:43:02,880 --> 00:43:06,600
අපි හිතුවේ එයා අපේ ජීවිතේ තියෙන
හැම ප්‍රශ්නයක්ම විසඳාවි කියලා.

518
00:43:08,841 --> 00:43:10,600
ඒත් ඒ වෙනුවට එයා මොකක්ද කළේ?

519
00:43:14,280 --> 00:43:16,681
එයා විශ්වාස කරන්නේ එයා මට
ශක්ති දානයක් දුන්නා කියලා.

520
00:43:26,280 --> 00:43:28,280
මට වයස අවුරුදු 17යි.

521
00:43:30,440 --> 00:43:31,801
දාහතයි.

522
00:43:37,720 --> 00:43:39,878
ඒක මට වෙන්න තිබුණ දෙයක් නෙවෙයි.

523
00:43:39,961 --> 00:43:41,961
ඒත් ඒක මට වුණා.

524
00:43:46,641 --> 00:43:49,238
ඒ වගේම කවුද මාව කොතනද ඇල්ලුවේ,

525
00:43:49,321 --> 00:43:52,681
කොච්චර වෙලාවක් ඇල්ලුවාද කියලා
මම ආයේ ආයේ කාටවත් කියන්න ඕනේ නෑ.

526
00:43:52,880 --> 00:43:54,718
ඇඟිලි කීයක් දැම්මාද?
එකක්ද දෙකක්ද?

527
00:43:54,801 --> 00:43:57,398
ඒක විනාඩි 15ක් තිබුණාද?
නැත්නම් විනාඩි 15යි තත්පර 4ක්ද?

528
00:43:57,481 --> 00:43:59,201
ඇයි මම කාටවත් කියන්නේ?

529
00:44:01,961 --> 00:44:03,878
හැමදාම,
සීයක් පාරක්,

530
00:44:03,961 --> 00:44:05,481
දාහක් පාරක්,

531
00:44:05,880 --> 00:44:08,637
ඒ මිනිස්සුන්ටම මම කියනවා
මාව දූෂණය කළා කියලා.

532
00:44:08,720 --> 00:44:10,598
මාව දූෂණය කළා. අනේ මම කියන දේ අහන්න.

533
00:44:10,681 --> 00:44:12,521
ඒත් මේ හැමෝම බීරි වෙලාද?

534
00:44:18,521 --> 00:44:20,150
හැමදාම උදේට මම ඇහැරෙන්නේ

535
00:44:20,240 --> 00:44:22,547
මොකක්හරි ගේම් එකකින්
පැරදුණා වගේ හැඟීමකින්.

536
00:44:23,961 --> 00:44:25,357
හැමදාම මම දිගටම කියනවා,

537
00:44:25,440 --> 00:44:28,718
"මම කියන දේ අහන්න.
මට කියන්න තියෙන දේ අහන්න."

538
00:44:28,801 --> 00:44:30,801
ඇයි මම මේක දිගින් දිගටම
කාටවත් කියන්න ඕනේ?

539
00:44:34,481 --> 00:44:37,118
වහපු දොරවල් අස්සේ,
එයා අපරාධයක් කරනවා,

540
00:44:37,201 --> 00:44:40,040
ඒත් හැමෝගෙම ප්‍රශ්නවලට
උත්තර දෙන්න ඕනේ මම.

541
00:44:46,841 --> 00:44:50,760
මම එළියට යනකොට මූණ වහගන්න ඕනේ.
මට එළියට යන්න බෑ.

542
00:44:53,720 --> 00:44:56,560
ඒත් හැමෝම තාමත් එයාට කියන්නේ දෙවියෝ කියලා.

543
00:45:02,280 --> 00:45:04,280
මම සටන් කරන්නේ මම වෙනුවෙන්.

544
00:45:04,801 --> 00:45:07,001
මට වෙච්ච දේ වෙනුවෙන් සටන් කරනවා.

545
00:45:09,201 --> 00:45:13,078
දෙවියන්ගේ කැමැත්තෙන්, මේ දේවල්වලට මුහුණ දීපු
වෙනත් ගෑනු කෙනෙක්ට

546
00:45:13,161 --> 00:45:16,641
ඉස්සරහට ඇවිත් කතා කරන්න ඕනේ නම්,
ඒක ගොඩක් හොඳයි. ඒත් ඒක මගේ වගකීමක් නෙවෙයි.

547
00:45:17,481 --> 00:45:19,681
ඒක මගේ හිතට
බරක් වෙන්න හොඳ නෑ.

548
00:45:20,880 --> 00:45:22,878
ගෙදරින් එළියට බහින එකේ බර,

549
00:45:22,961 --> 00:45:26,477
මම එළියට බැස්සොත්
කවුරුහරි මාව මරාවි කියන බර,

550
00:45:26,560 --> 00:45:27,677
ඒක මගේ පිට පැටවෙන්න හොඳ නෑ.

551
00:45:27,760 --> 00:45:30,278
ආයේ ආයේ උසාවියට දුවන එක
මගේ බරක් වෙන්න හොඳ නෑ.

552
00:45:30,361 --> 00:45:34,641
මගේ අම්මා අඬනවා, මගේ තාත්තා අඬනවා.
මම එයාලට මොනවා කියන්නද?

553
00:45:39,400 --> 00:45:42,718
මුළු ලෝකයා ඉස්සරහා,
සමාව අයදින්නෙත් මමයි.

554
00:45:42,801 --> 00:45:44,264
එයා දණගාගෙන ඇවිත්

555
00:45:44,360 --> 00:45:46,589
මගෙන්
සමාව ඉල්ලන්න ඕනේ වෙලාවක.

556
00:45:46,600 --> 00:45:48,201
ඇයි එහෙම වෙන්නේ නැත්තේ?

557
00:46:03,641 --> 00:46:04,760
ඉතින් දැන්...

558
00:46:05,481 --> 00:46:07,880
මට මීට වඩා දෙයක් කියන්න නෑ.
මම බලාපොරොත්තු වෙනවා...

559
00:46:08,521 --> 00:46:10,920
උසාවිය යුක්තිය වෙනුවෙන් පෙනී ඉඳීවි කියලා.
එච්චරයි.

560
00:46:17,961 --> 00:46:20,001
මිස්ටර් වේද් ප්‍රකාශ්.

561
00:46:55,801 --> 00:46:57,720
මට ප්‍රශ්න නෑ, ස්වාමීනි.

562
00:48:11,801 --> 00:48:13,600
ඔයා ගෙදර ගිහින් විවේක ගන්න ඕනේ.

563
00:48:14,641 --> 00:48:15,961
අපිට ප්‍රශ්නයක් නෑ.

564
00:48:17,440 --> 00:48:18,720
මම දන්නවා.

565
00:48:19,080 --> 00:48:20,641
මම නිකමට ඇවිත් ගියේ.

566
00:48:32,961 --> 00:48:34,161
ඔයාට මොකද හිතෙන්නේ...

567
00:48:35,240 --> 00:48:36,841
හෙට තීන්දුව මොකක් වෙයිද?

568
00:48:38,080 --> 00:48:39,920
මම හිතනවා ඇත්ත දිනාවි කියලා.

569
00:48:48,121 --> 00:48:50,841
ඇත්තටම, මම දිනුවත් පැරදුණත්
දැන් මට ඒක අදාළ නෑ.

570
00:48:55,920 --> 00:48:57,240
මම ඔයාගෙන් දෙයක් අහන්නද?

571
00:48:57,801 --> 00:48:58,666
හ්ම්?

572
00:48:58,760 --> 00:49:00,241
ඔයා තරහ වෙන්නේ නෑනේ?

573
00:49:03,321 --> 00:49:05,560
ඇයි ඔයා කවදාවත් ආයේ ගෙදර යන්නේ නැත්තේ?

574
00:49:14,121 --> 00:49:16,920
සමහරවෙලාවට මට හිතෙනවා
ඔයාත්...

575
00:49:17,961 --> 00:49:20,720
මේ පහුගිය අවුරුදු තුන පුරාම
මොකකින්හරි පැනලා දුවනවා කියලා.

576
00:49:25,560 --> 00:49:26,560
ඇත්තටම...

577
00:49:31,001 --> 00:49:32,920
මම ආයේ ගෙදර යන්න
බයයි.

578
00:49:39,201 --> 00:49:41,600
අපිට මුළු ජීවිතේම
බයෙන් ජීවත් වෙන්න බෑ.

579
00:51:25,001 --> 00:51:26,400
භාලේරාඕ...

580
00:51:28,121 --> 00:51:31,121
මට එක පාරක් ඔයාගේ තාත්තාව
මුණගැහෙන්න වාසනාව ලැබුණා.

581
00:51:32,560 --> 00:51:34,201
එයා ඔයා ගැන ගොඩක් ආඩම්බර වේවි.

582
00:51:36,521 --> 00:51:38,440
ඔයා දිනුවත් පැරදුණත්
ඒක අදාළ නෑ,

583
00:51:39,560 --> 00:51:40,720
ඔයා හොඳට කළා.

584
00:52:44,001 --> 00:52:47,201
විත්ති පාර්ශවය සහ පැමිණිලි පාර්ශවය
කරුණාකරලා නැගිටින්න.

585
00:53:00,240 --> 00:53:02,321
මම තීන්දුව ප්‍රකාශ කරන්න කලින්,

586
00:53:03,240 --> 00:53:05,549
මම මේ තීන්දුවට ආවේ කොහොමද කියලා

587
00:53:05,640 --> 00:53:08,307
පැහැදිලි කරන එක අත්‍යවශ්‍යයි.

588
00:53:10,121 --> 00:53:12,309
මේ කාරණය සම්බන්ධ වෙන්නේ

589
00:53:12,400 --> 00:53:14,588
ප්‍රසිද්ධ චරිතයකට.

590
00:53:17,161 --> 00:53:19,846
ඉතින්, මේ තීන්දුවෙන්
මහජනතාවට බලපෑමක් වෙන එක

591
00:53:19,960 --> 00:53:21,970
සාමාන්‍ය දෙයක්.

592
00:53:22,920 --> 00:53:25,091
මේක හැමෝම දන්න දෙයක් වුණත්,

593
00:53:25,200 --> 00:53:28,005
මම මහජනතාවට
මේ දේ මතක් කරන්න කැමතියි,

594
00:53:29,720 --> 00:53:33,841
වෙනත් අපරාධවලදී,
නීතියේ මූලධර්මය වෙන්නේ

595
00:53:34,280 --> 00:53:36,641
"වරදකරු වන තුරු නිර්දෝෂියි" කියන එකයි.

596
00:53:38,760 --> 00:53:41,957
ඒත් POCSO පනතට අනුව,

597
00:53:42,040 --> 00:53:44,758
වින්දිතයාව සවිබල ගන්වන්න,

598
00:53:44,841 --> 00:53:47,420
තමන්ගේ නිර්දෝෂීභාවය

599
00:53:48,880 --> 00:53:50,400
ඔප්පු කිරීමේ වගකීම
තියෙන්නේ විත්ති පාර්ශවයටයි.

600
00:53:52,001 --> 00:53:54,161
උසාවිය විශ්වාස කරනවා

601
00:53:54,600 --> 00:53:56,438
ඒක ඔප්පු කරන්න...

602
00:53:56,560 --> 00:54:00,818
මිස්ටර් සුනිල් චකෝසිගේ නිවැරදිකම,

603
00:54:01,080 --> 00:54:04,080
විත්ති පාර්ශවයෙන්
ඉදිරිපත් කරපු සාක්ෂි

604
00:54:04,641 --> 00:54:05,920
ප්‍රමාණවත් වුණේ නෑ.

605
00:54:08,720 --> 00:54:11,785
එයාලගේ කුමන්ත්‍රණ කතා

606
00:54:11,880 --> 00:54:13,311
විශ්වාස කරන්න පුළුවන් වුණෙත් නෑ,

607
00:54:14,201 --> 00:54:16,841
එයාලා දුන්න නිදහසට කරුණු
පිළිගන්න පුළුවන් වුණෙත් නෑ.

608
00:54:19,080 --> 00:54:21,093
මිස්ටර් සුනිල් චකෝසි

609
00:54:21,586 --> 00:54:23,886
එයාගේ කටඋත්තරය දිගින් දිගටම වෙනස් කළා.

610
00:54:24,354 --> 00:54:27,191
එක බොරුවකට අහුවුණාම,

611
00:54:27,840 --> 00:54:30,480
එයා ඒක වහගන්න
තව බොරුවක් කිව්වා.

612
00:54:31,400 --> 00:54:34,240
අනිත් අතට,
පැමිණිලි පාර්ශවය

613
00:54:34,920 --> 00:54:38,801
එයාලගේ ඇත්ත ඔප්පු කළේ
තවත් ඇත්තකින් ඒක තහවුරු කරලයි.

614
00:54:40,321 --> 00:54:44,118
ඔය තරම් වාර ගාණක්
කියලා තිබුණත්,

615
00:54:44,201 --> 00:54:48,833
වින්දිතයා එයාගේ කටඋත්තරය
පොඩ්ඩක්වත් වෙනස් කළේ නෑ.

616
00:54:53,400 --> 00:54:57,080
නඩු විභාගය පුරාවටම, විත්ති පාර්ශවය

617
00:54:58,560 --> 00:55:01,506
දිගින් දිගටම කිව්වේ
මිස්ටර් සුනිල් චකෝසි

618
00:55:01,720 --> 00:55:04,390
එදා විවාහ උත්සවයේ හිටියා කියලයි.

619
00:55:06,600 --> 00:55:09,637
ඒත් පැමිණිලි පාර්ශවයට
මෙතනදී ඔප්පු කරන්න පුළුවන් වුණා

620
00:55:09,720 --> 00:55:12,276
මිස්ටර් චකෝසි ඇත්තටම,

621
00:55:12,360 --> 00:55:14,660
එදා ඒ විවාහ උත්සවයෙන් පිටවුණා කියලා.

622
00:55:17,720 --> 00:55:20,321
උසාවිය විශ්වාස කරනවා

623
00:55:22,280 --> 00:55:26,001
එදා මිස්ටර් සුනිල් චකෝසි
ඒ කාමරේට ගියා කියලා.

624
00:55:28,321 --> 00:55:30,720
ඒ වගේම එයා ඇත්තටම, මීනුව දූෂණය කළා.

625
00:55:35,240 --> 00:55:38,479
ඊටපස්සේ, එයා මීනුව නාවලා

626
00:55:38,560 --> 00:55:41,018
තමන්ගේම අත්වලින්,

627
00:55:43,240 --> 00:55:45,321
හැම සාක්ෂියක්ම විනාශ කරලා දැම්මා.

628
00:55:48,400 --> 00:55:52,201
මේක නෙවෙයි මිස්ටර් සුනිල් චකෝසි කරපු
ලොකුම අපරාධය.

629
00:55:54,961 --> 00:55:57,961
ලොකුම අපරාධය වුණේ

630
00:55:58,121 --> 00:56:01,161
එයා අම්රිතාටයි අනිත් ගෑනු ළමයින්ටයි
කරපු දේ.

631
00:56:03,400 --> 00:56:05,601
එයාලගේ මනස වෙනස් කළා

632
00:56:05,680 --> 00:56:08,216
කොයිතරම් දුරටද කිව්වොත්
එයාලා විශ්වාස කළා

633
00:56:09,121 --> 00:56:12,720
එයාලට වෙන මේ දේවල්
සම්පූර්ණයෙන්ම සාමාන්‍යයි,

634
00:56:13,841 --> 00:56:15,641
ඒකේ කිසිම වැරැද්දක් නෑ කියලා.

635
00:56:21,121 --> 00:56:25,201
තමන්ව ලිංගිකව අපයෝජනය කරන එක හරි කියලා
කෙනෙකුට ඒත්තු ගන්වන එක,

636
00:56:25,600 --> 00:56:28,677
ලිංගික අපයෝජනයටත් වඩා
බරපතළ වරදක්.

637
00:56:32,760 --> 00:56:36,246
මධ්‍ය ප්‍රදේශ් රජය

638
00:56:36,320 --> 00:56:38,371
සහ මිස්ටර් සුනිල් චකෝසිට එරෙහි නඩුවේදී,

639
00:56:44,841 --> 00:56:48,880
උසාවිය තීරණය කරනවා මිස්ටර් චකෝසි,
මේ හැම චෝදනාවකටම...

640
00:56:56,080 --> 00:56:57,560
වරදකරුයි කියලා.

641
00:57:24,040 --> 00:57:24,961
වරදකරුයි...

642
00:57:25,161 --> 00:57:27,078
වරදකරුයි! එයා වරදකරුයි!

643
00:57:31,040 --> 00:57:32,841
වරදකරුයි!

644
00:58:14,361 --> 00:58:16,398
මිස්ටර් සුනිල් චකෝසි...

645
00:58:16,481 --> 00:58:20,081
354 වෙනි වගන්තිය, 376 වෙනි වගන්තිය,

646
00:58:20,200 --> 00:58:23,835
සහ 509/34 වගන්තිය යටතේ වරදකරු වෙනවා.

647
00:58:25,161 --> 00:58:28,201
උසාවිය එයාට
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනවා.

648
00:58:29,121 --> 00:58:30,295
එයා එයාගේ ඉතුරු

649
00:58:30,360 --> 00:58:33,722
මුළු ජීවිත කාලයම
හිරේ ගත කරන්න ඕනේ.

650
00:58:34,080 --> 00:58:35,644
ස්වාමීනි, මම උසාවියෙන් ඉල්ලා සිටිනවා

651
00:58:35,760 --> 00:58:37,640
මගේ සේවාදායකයාගේ වයස සහ
අසනීප තත්ත්වය ගැන සලකලා බලන්න කියලා.

652
00:58:40,843 --> 00:58:43,278
376 වෙනි වගන්තිය.

653
00:58:43,361 --> 00:58:45,400
376 වෙනි වගන්තිය.

654
00:58:45,641 --> 00:58:48,201
ඒ වගේම ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ
120B වගන්තිය.

655
00:58:49,961 --> 00:58:51,278
7 සහ 8 වගන්ති යටතේ

656
00:58:51,361 --> 00:58:54,440
ළමයින්ට සිදුවන ලිංගික අපරාධ
වැළැක්වීමේ පනත යටතේ

657
00:58:54,920 --> 00:58:59,121
සහ බාලවයස්කාර යුක්ති පනතේ
75 වෙනි වගන්තිය යටතේ,

658
00:59:02,121 --> 00:59:05,761
උසාවිය මිස්ටර් සුනිල් චකෝසිට
නියම කරනවා

659
00:59:05,840 --> 00:59:08,426
ද්විත්ව ජීවිතාන්ත සිරදඬුවමක්.

660
01:00:37,040 --> 01:00:39,841
එයා ගාව හැම ප්‍රශ්නෙකටම
උත්තර තියෙනවා.

661
01:00:40,961 --> 01:00:42,961
එයා මිනිස්සු අතර ඉන්න දෙවියෙක්.

662
01:00:43,600 --> 01:00:46,434
දොස්තර කෙනෙක්, උපදේශකයෙක්, විද්‍යාඥයෙක්...

663
01:00:46,560 --> 01:00:48,880
මේ හැමදේම එකතු වුණ එක මනුස්සයෙක්.

664
01:00:54,240 --> 01:00:56,080
එයාලා අපිට ජීවත් වෙන විදිහ කියලා දෙනවා.

665
01:00:56,961 --> 01:00:59,841
ඒ වගේම මරණය වැළඳගන්න විදිහත්.

666
01:01:04,481 --> 01:01:06,681
අපේ දුර්වලකම තමයි එයාලගේ ශක්තිය.

667
01:01:07,240 --> 01:01:09,481
අපේ බය එයාලගේ ධෛර්යය.

668
01:01:10,040 --> 01:01:12,961
ඒ වගේම අපේ අනාරක්ෂිතකම තමයි
එයාලගේ ජීවනෝපාය.

669
01:01:20,040 --> 01:01:21,720
එයාලා අපිට සමාව දෙන විදිහ කියලා දෙනවා.

670
01:01:24,161 --> 01:01:26,278
පරිසරයට ආදරෙයි කියලා කියාගන්න මේ මිනිස්සු

671
01:01:26,361 --> 01:01:30,161
ජීවත් වෙන්නේ ගස් හෙවණක නෙවෙයි
බලයේ ආරක්ෂාව යටතේයි.

672
01:01:33,001 --> 01:01:34,361
දෙවියෝ ඉන්නේ අපේ හිත්වල,

673
01:01:34,920 --> 01:01:36,121
පන්සල්වල.

674
01:01:38,040 --> 01:01:41,201
එයා කවදාවත් මුකුත් ඉල්ලන්නේ නෑ,
දෙන එක විතරයි කරන්නේ.

675
01:01:43,001 --> 01:01:45,321
ඒත් මේ මිනිස්සු ඔයාගේ හැමදේම ඉල්ලනවා.

676
01:01:46,481 --> 01:01:48,600
එයාලා ඔයාගේ විශ්වාසය ආයුධයක් කරගෙන

677
01:01:49,040 --> 01:01:51,481
අන්ධ භක්තිකයන්ගේ හමුදාවක් හදාගන්නවා.

678
01:01:53,001 --> 01:01:55,720
මුලින්ම, එයාලගේ අනුගාමිකයෝ
එයාලව පරාද කරන්න බැරි අය විදිහට දකිනවා.

679
01:01:56,161 --> 01:01:57,640
ඊටපස්සේ එයාලා තමන්වම

680
01:01:57,680 --> 01:01:58,880
අමරණීය, පරාද කරන්න බැරි
අය විදිහට දකින්න ගන්නවා.

681
01:02:00,321 --> 01:02:04,280
ඒත් මනුස්සයෙක් කොච්චර උත්සාහ කළත්,
එයාට දෙවියෙක් වෙන්න බෑ.

682
01:02:05,161 --> 01:02:10,161
අන්තිමට, කුණාටුවක් ඇවිත්
එයාලව සම්පූර්ණයෙන්ම මුලින්ම උදුරලා දානවා.

683
01:02:12,760 --> 01:02:14,600
මට ඒ කුණාටුව වෙන්න පුළුවන්.

684
01:02:16,361 --> 01:02:17,641
ඔයාට ඒ කුණාටුව වෙන්න පුළුවන්.

685
01:02:21,161 --> 01:02:23,681
එහෙමත් නැත්නම් අවුරුදු 17ක කෙල්ලෙක්ට.

686
01:02:29,880 --> 01:02:33,440
හැම කුණාටුවකදීම,
ගොඩක් වෙලාවට පොඩි පැළයක් බේරෙනවා,

687
01:02:34,760 --> 01:02:37,681
ඒක ගහක් වෙන්න
ලෑස්ති වෙනවා.

688
01:02:42,161 --> 01:02:44,560
ස්වභාවධර්මයේ චක්‍රය
ආයෙත් කැරකෙන්න පටන් ගන්නවා.

689
01:02:45,280 --> 01:02:48,440
මිනිස්සු ආයෙත් තමන්ගේ හැමදේම
ඒ පැළයට පූජා කරන්න පටන් ගන්නවා.

690
01:02:49,001 --> 01:02:51,201
ඊටපස්සේ ආයෙත්, අලුත් කුණාටුවක් එනවා.

691
01:02:54,641 --> 01:02:57,481
මේක තමයි දේව යුක්තිය.

692
01:02:57,505 --> 01:03:17,505
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

